Arduino සදහා ප්‍රවේශය

";

මෙම ලිපිය nuwanjaliyagoda.blogspot.com වෙත ගෙනයන ලදි.


                    සිංහලෙන්  Arduino  ගැන ඉගෙනගන්න කැමති සියළුදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම අපි දැනගමු  Arduino කියන්නේ මොකක්ද කියලා.

ආර්ඩියුනෝ කියන්නේ ලංකාවට අළුත්ම මාතෘකාවක්. ඒ වගේම ලංකාව තුළ ඉක්මණින්ම ජනප්‍රිය වුණ උපාංගයක්. මෙච්චර කාලයක් ලංකාවේ Advance Electronic කටයුතු වලට පාවිච්චි වුණේ PIC වර්ගයේ ක්ෂුද්‍ර පාලක (Microcontrollers). PIC Programming ඉගෙනගත්ත අය දන්නවා ඒක ඉගෙනගන්න විඳපු දුක. Registers කටපාඩම් කරන්න, Timers, Interrupts හසුරවන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ආර්ඩියුනෝ වලදී නම් මේ දුක විඳින්න ඕන නෑ.

ආර්ඩියුනෝ ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේක open-source platform එකක්. ඒ කියන්නේ  Linux වගේ. අපිට ඔනම විදිහකට ආර්ඩියුනෝ පද්ධති වැඩිදියුණු කරන්න, හදලා විකුණන්න වුණත් අවසර තියෙනවා. ආර්ඩියුනෝ පුවරු (Arduino Boards) සදහා පාවිච්චි කරන්නේ Atmel සමාගමේ ATmega වර්ගයේ ICs. මේවා PIC වලට වඩා මිලෙන් අඩුයි වගේම කාර්යක්ෂමතාවයෙනුත් ඉහළයි. (ඒත් ලංකාවේ වෙළඳපොලේ තවමත් මේවා හොයාගන්න අමාරුයි.)

ආර්ඩියුනෝ එක්ක වැඩ කරන්න අපි සපයාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.

  1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
  2. ආර්ඩියුනෝ මෘදුකාංගය 

1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)

ආර්ඩියුනෝ වැඩසටහන් සියල්ල ක්‍රියා කරන්නේ මේ බෝඩ් එක මගිනුයි. දැනට එකිනෙක වෙනස්කම් තියෙන ආර්ඩියුනෝ බෝඩ් වර්ග ගණනාවක් තියෙනවා. Arduino Uno, Arduino Due, Arduino Mega, Arduino Diecimila, Arduino Leonardo කියන්නේ ඒවා අතරින් කිහිපයක් විතරයි. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය Arduino Uno බෝඩ් එක.

Arduino UNO R3
Arduino UNO R3 
Arduino Due

ආර්ඩියුනෝ ඔරිජිනල් බෝඩ් එකක් නම් ටිකක් ගණන්. පොඩිම බෝඩ් එක 30$ විතර වෙනවා. ඒත් අපිට අඩු වියදම් විකල්ප 2 ක් තියෙනවා.

Arduino Clone එකක් භාවිතා කිරීම.

ආර්ඩියුනෝ  Open-source platform එකක් නිසා ඕනම කෙනෙක්ට ආර්ඩියුනෝ උපාංග හදලා විකුණන්න පුළුවන්. ලංකාවෙත් ආර්ඩියුනෝ උපාංග හදන සමාගම් 2 ක් තියෙනවා.
  1. Lankatronics මගින් හදන Lakduino 
  2. Techකතා කණ්ඩායම හදන  TechDuino


       
Lakduino UNO
           
Techduino 


Arduino Board එකක් නිර්මාණය කරගැනීම.

මම නම් අනුගමනය කළේ මේ විකල්පයයි. ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන්ම ලබා ගත්ත සැලසුමකට අනුව තමයි මම මගේ බෝඩ් එක සදාගත්තේ. මේකට නම් ටිකක් විතර පළපුරුද්දක්  ඕන වෙනවා. මේ ලිපිය කියවන ඔබත් Hardware Programming වලට ආධුනිකයෙක් නම් කලින් විකල්පයට යන එක වඩාත් සුදුසුයි.

නමුත් කවදා හරි තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න උත්සාහ කරන්න. කඩෙන් ගන්න ඒවට වඩා  තමන්ම හදාගන්න පුවරුවක් ගොඩක් වටිනවා.

අඩු මුදලකින් තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න ආකාරය පිළිබඳ ලිපියක් ලඟදීම ගේන්න පොරොන්දු වෙනවා.

2. ආර්ඩියුනෝ මෘදුකාංගය 


ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් සදහා Arduino IDE මෘදුකාංගය අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය Arduino.cc නිල වෙබ් අඩවියෙන් නොමිලේම ලබාගත හැකියි.

Arduino 1.0.2 


Useful Links




Tags : Arduino | Sinhala | Microcontrollers | IC Programming | Arduino UNO
ආර්ඩියුනෝ | සිංහල | මයික්‍රෝකන්ත්‍රෝලර් | IC ප්‍රෝග්‍රැමින්

1 comment:

Anonymous said...

This is very usefull