ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමර් එකක් හදාගනිමු

"; මෙම ලිපිය nuwanjaliyagoda.blogspot.com වෙත ගෙනයන ලදි.



හදාගත්ත ආර්ඩියුනෝ බෝඩ් එකක් පාවිච්චි කරන්න කලින් ඒකට bootloader එකක් upload කරන්න ඕන. (සමහර වෙලාවට IC එක ගන්නකොටම bootloader එකක් දාලයි තියෙන්නේ. IC එක හයිකරලා 5v power supply එක දුන්නම බෝඩ් එකේ LED එකක් නිවි නිවී දැල්වෙනවා නම් bootloader එක තියෙන බව හඳුනාගන්න පුළුවන්.)


Bootloader එක burn කරන්න (තාක්ෂණිකව ඒක හදුන්වන්නේ එහෙමයි) පුළුවන් සරළම විදිහ තමයි Parallel Port Programmer එකක් භාවිතා කරන එක. මේ ප්‍රෝග්‍රෑමර්එක හදාගන්න ඕන වෙන්නේ ප්‍රතිරෝධක (Resisters) 3ක් විතරයි.


අවශ්‍ය දේවල්

උපකරණ :
  • බවුත් එකක් (Soldering iron)
  • Hot glue gun (තියෙනවා නම් විතරයි. අත්‍යාවශ්‍ය නෑ)
උපාංග:
  • 470 Ω  රෙසිස්ටර්  - 2 (කහ,දම්,දුඹුරු)
  • 220 Ω  රෙසිස්ටර්  - 1 (රතු,රතු,දුඹුරු)
  • පැරලල් පෝට් එකක් (Prallel port) 
  • Female header එකක්.
  • අවශ්‍ය තරම් දිග වයර් කෑලි 5 ක්.


උපදෙස්


470Ω රෙසිස්ටර් පැරලල් පෝට් එකේ  1 හා 2 පින් වලට පාස්සන්න.



220Ω රෙසිස්ටර් එක පැරලල් පෝට් එකේ  11 වන පින් එකට පාස්සන්න.

දැන් පාස්සපු රෙසිස්ටර් තුනේ ඉඳලා අවශ්‍ය තරම් දිගට වයර් 3 ක් පාස්සගන්න. මම නම් 30 cm විතර දිග වයර් තමයි පාවිච්චි කළේ. ගොඩාක් දිග වැඩි වුණොත් යන සංඥා දුර්වල වෙන්න පුළුවන්. ඒක හින්දා පුළුවන් තරම් කෙටි වෙන්න මේ වයර් පාස්සාගන්න.



16, 18 පින් වලට කෙළින්ම වයර් පාස්සාගන්න.

Female header එකක් ඇරන් පින් 3 කොටස් 2 ක් කපාගන්න. ඊළඟට රූපසටහනේ පෙන්නලා තියෙන විදිහට ඒවට අදාළ වයර් පාස්සගන්න.

අන්තිමට පොඩ්ඩක් මහන්සි වුණොත් හොඳ නිමාවක් තියෙන, කඩෙන් ගත්තා වගේ පේන ප්‍රෝග්‍රෑමර් එකක් හදාගන්න පුළුවන්.




පෝට් එකේ ඩ්‍රයිවර් සොෆ්ට්වෙයාර් එක පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
giveio (from MIT's Microcomputer Project Laboratory)

දැන් හදාගත්ත ප්‍රෝග්‍රෑමර් එකේ  හෙඩර් එක බෝඩ් එකේ අදාළ තැනට හයිකරලා බෝඩ් එකට විදුලිය සපයන්න.

ATMege 8 එකට අදාළ bootloader එක burn කරන්න පහත රූපසටහන් මගින් දැක්වෙන පියවර අනුගමනය කරන්න.






මෙතන COM පෝර්ට් අතරින් පැරරල් පොට් එක හරියට තෝරන්න ඕන. ඒක පරිගණකයෙන් පරිගණකයට වෙනස්වෙන නිසා හරි පෝර්ට් එක තෝරගන්න එක ඔයාලගේ වැඩක්. (සාමාන්‍යයෙන් පැරරල් පෝට් එක වෙන්නේ ලැයිස්තුවේ අන්තිම පෝර්ට් එකයි)



දැන් තියෙන්නේ bootloader එක burn කරන්නයි. මේකට සාමාන්‍යයෙන් විනාඩියක් විතර ගතවෙනවා. සියල්ල හරි නම් දැන් ඔගොල්ලො හදාගත්ත බෝඩ් එකේ  LED එක නිවි නිවී පත්තුවෙන්න ඕන. මොකක් හරි error එකක් පෙන්නනවා නම් ආයෙත් මුල ඉඳලා පරීක්ෂා කරලා බලන්න.



මෙම ලිපිය http://arduino.cc/en/Hacking/ParallelProgrammer හී අඩංගු ලිපිය ඇසුරින් සිංහලට පරිවර්තනය කළ ලිපියක් බව සලකන්න.

Read Original Article : Parallel Port Programmer


 හදාගත්ත බෝඩ් එක ඇසුරින් LED එකක් පාලනය කරන ආකාරය පිළිබඳ ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.


පැරලල් පෝට් එකක් නොමැති පරිගණක සඳහා Serial Programmer එකක් නිර්මාණය කරගන්නා අන්දම පැහැදිලි කරන ලිපියක් බලාපොරොත්තු වන්න.





ආර්ඩියුනෝ බෝඩ් එකක් හදාගනිමු

මෙම ලිපිය nuwanjaliyagoda.blogspot.com වෙත ගෙනයන ලදි.

අද අපි බලමු කොහොමද ආර්ඩියුනෝ බෝඩ් එකක් ගෙදරදීම හදාලන්නේ කියලා. මම මේ පෝස්ට් එකට යොදාගත්තේ ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන් ලබාදෙන Arduino Severino කියන බෝඩ් එක හදන විදිහයි.

Arduino Single-Sided Serial Board (version 3)


මේක හදන්න ඕන කරන විස්තර පහත ලින්ක් වලින් Download කරගන්න පුළුවන්.
බෝඩ් එක හදාගන්න ආකාරය ගැන පියවරෙන් පියවර විස්තරයක් ලඟදීම පලකරන්න බලාපොරොත්තු වෙනවා.











Arduino සදහා ප්‍රවේශය

";

මෙම ලිපිය nuwanjaliyagoda.blogspot.com වෙත ගෙනයන ලදි.


                    සිංහලෙන්  Arduino  ගැන ඉගෙනගන්න කැමති සියළුදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මුලින්ම අපි දැනගමු  Arduino කියන්නේ මොකක්ද කියලා.

ආර්ඩියුනෝ කියන්නේ ලංකාවට අළුත්ම මාතෘකාවක්. ඒ වගේම ලංකාව තුළ ඉක්මණින්ම ජනප්‍රිය වුණ උපාංගයක්. මෙච්චර කාලයක් ලංකාවේ Advance Electronic කටයුතු වලට පාවිච්චි වුණේ PIC වර්ගයේ ක්ෂුද්‍ර පාලක (Microcontrollers). PIC Programming ඉගෙනගත්ත අය දන්නවා ඒක ඉගෙනගන්න විඳපු දුක. Registers කටපාඩම් කරන්න, Timers, Interrupts හසුරවන්න කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ආර්ඩියුනෝ වලදී නම් මේ දුක විඳින්න ඕන නෑ.

ආර්ඩියුනෝ ගැන කෙටි හැඳින්වීමක් කළොත්, මේක open-source platform එකක්. ඒ කියන්නේ  Linux වගේ. අපිට ඔනම විදිහකට ආර්ඩියුනෝ පද්ධති වැඩිදියුණු කරන්න, හදලා විකුණන්න වුණත් අවසර තියෙනවා. ආර්ඩියුනෝ පුවරු (Arduino Boards) සදහා පාවිච්චි කරන්නේ Atmel සමාගමේ ATmega වර්ගයේ ICs. මේවා PIC වලට වඩා මිලෙන් අඩුයි වගේම කාර්යක්ෂමතාවයෙනුත් ඉහළයි. (ඒත් ලංකාවේ වෙළඳපොලේ තවමත් මේවා හොයාගන්න අමාරුයි.)

ආර්ඩියුනෝ එක්ක වැඩ කරන්න අපි සපයාගන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.

  1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)
  2. ආර්ඩියුනෝ මෘදුකාංගය 

1. ආර්ඩියුනෝ පුවරුවක් (Arduino Board)

ආර්ඩියුනෝ වැඩසටහන් සියල්ල ක්‍රියා කරන්නේ මේ බෝඩ් එක මගිනුයි. දැනට එකිනෙක වෙනස්කම් තියෙන ආර්ඩියුනෝ බෝඩ් වර්ග ගණනාවක් තියෙනවා. Arduino Uno, Arduino Due, Arduino Mega, Arduino Diecimila, Arduino Leonardo කියන්නේ ඒවා අතරින් කිහිපයක් විතරයි. මේ අතරින් වඩාත් ම ජනප්‍රිය Arduino Uno බෝඩ් එක.

Arduino UNO R3
Arduino UNO R3 
Arduino Due

ආර්ඩියුනෝ ඔරිජිනල් බෝඩ් එකක් නම් ටිකක් ගණන්. පොඩිම බෝඩ් එක 30$ විතර වෙනවා. ඒත් අපිට අඩු වියදම් විකල්ප 2 ක් තියෙනවා.

Arduino Clone එකක් භාවිතා කිරීම.

ආර්ඩියුනෝ  Open-source platform එකක් නිසා ඕනම කෙනෙක්ට ආර්ඩියුනෝ උපාංග හදලා විකුණන්න පුළුවන්. ලංකාවෙත් ආර්ඩියුනෝ උපාංග හදන සමාගම් 2 ක් තියෙනවා.
  1. Lankatronics මගින් හදන Lakduino 
  2. Techකතා කණ්ඩායම හදන  TechDuino


       
Lakduino UNO
           
Techduino 


Arduino Board එකක් නිර්මාණය කරගැනීම.

මම නම් අනුගමනය කළේ මේ විකල්පයයි. ආර්ඩියුනෝ නිල වෙබ් අඩවියෙන්ම ලබා ගත්ත සැලසුමකට අනුව තමයි මම මගේ බෝඩ් එක සදාගත්තේ. මේකට නම් ටිකක් විතර පළපුරුද්දක්  ඕන වෙනවා. මේ ලිපිය කියවන ඔබත් Hardware Programming වලට ආධුනිකයෙක් නම් කලින් විකල්පයට යන එක වඩාත් සුදුසුයි.

නමුත් කවදා හරි තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න උත්සාහ කරන්න. කඩෙන් ගන්න ඒවට වඩා  තමන්ම හදාගන්න පුවරුවක් ගොඩක් වටිනවා.

අඩු මුදලකින් තමන්ගේම ආර්ඩියුනෝ පුවරුවක් හදාගන්න ආකාරය පිළිබඳ ලිපියක් ලඟදීම ගේන්න පොරොන්දු වෙනවා.

2. ආර්ඩියුනෝ මෘදුකාංගය 


ආර්ඩියුනෝ ප්‍රෝග්‍රෑමින් සදහා Arduino IDE මෘදුකාංගය අවශ්‍ය වෙනවා. මේ මෘදුකාංගය Arduino.cc නිල වෙබ් අඩවියෙන් නොමිලේම ලබාගත හැකියි.

Arduino 1.0.2 


Useful Links




Tags : Arduino | Sinhala | Microcontrollers | IC Programming | Arduino UNO
ආර්ඩියුනෝ | සිංහල | මයික්‍රෝකන්ත්‍රෝලර් | IC ප්‍රෝග්‍රැමින්